ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර..

  • November 28, 2022
  • No Comment
  • 235

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(28) අවසර ලබා දුන්නේය.

පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආගමන විගමන පාලකවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 15 දෙනෙකි.

අභියාචනාධිකරණයට කරුණු දක්වන්නැයි දන්වා ඔවුන්ට නොතීසි යැවීමට ද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල අද නියෝග කළහ.

පෙත්සම් විභාගය ලබන මස 12 වැනිදා ආරම්භ කිරීමට දින නියම කෙරුණ අතර ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන වහාම ඉදිරිපත් කරන්නැයි ද, අභියාචනාධිකරණය ආගමන විගමන පාලකවරයාට නියෝග කළේ ය.

බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයෙකු ලෙස නිගමනය කරන ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම ගොනුකර තිබුණේ ඔසඳ ලක්මාල් හේරත් මහතායි.

Related post

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු මේ වනවිට…

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, එහි ඊළඟ අදියර වශෙයන් මැයි මස 6 වෙනි දා දක්වා ඡන්ද…

UN resolutions prohibit North Korea from testing ICBMs and…

SEOUL Strongman Kim Jong Un has said that North Korea’s “ultimate goal” is having the world’s strongest nuclear force. State media…

රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම් ලබා දීමේ සූදානමක්..

රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර…

Leave a Reply

Your email address will not be published.